2022 ජාතික වෙසක් උත්සවය කූරගල රාජමහා විහාරයේ – කෙහෙලිය රඹුක්වැල්ල

හිමිකරුවන් නැති ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් නියාමනය සහ පාලනය කිරීමට නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී - ජනමාධ්‍ය ඇමැති
2022 ජාතික වෙසක් උත්සවය කූරගල රාජමහා විහාරයේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.(28) කූරගල රාජමහා විහාරයේ අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයට සාභාගි වීමෙන් පසු අමාත්‍යවරයා මේ බව කීවේය.
මේ වසරේ ජාතික වෙසක් උත්සවය යාපනයේ පැවැත්වීමට කටයුතු සිදු වන නිසා එළඹෙන වසරේ කූරගල පුදබිමේ ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව ද ඒ මහතා පැවසීය.