වෛද්‍යවරුන්ගේ හිඟයක්, විශ්‍රාම යාමේ වයස ඉහළ දමන්න GMOA වෙන් යෝජනාවක්

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල් පවත්වාගෙන යාමේදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය හිඟය කඩිනමින් වියඳා ගැනීම සඳහා මූලික පියවරක් ලෙස වෛද්‍යවර්නගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වා ඉහළ දමන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.
විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දමා ගැනීමට කටයුතු කළහොත් දැනට රට තුළ සිටින වෛද්‍යවරුන් දාහත් දහසකට (17,000) අධික ප්‍රමාණය කෙටි කාලයක් ඇතුළත විසිදහසක් (20,000) දක්වා ඉහළ දමා ගැනීමට හැකිවන බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම විදෙස් රටවල සිට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර පැමිණෙන පිරිස් වෛද්‍ය සේවයට බඳවා ගැනීමට අදාළ වැඩකටයුතු නිසි ලෙස සිදුවිය යුතු බවත් මීට අමතරව වෛද්‍යවරුන් රට හැර යාම නවතා ගැනීමටද වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.