කොවිඩ් දේහ 45ක් මේ වනවිට භූමදානය කර අවසන් – යුද හමුදාපති

ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල කොවිඩ් මළ සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි 3ක්
මෙරට විවිධ ප්‍රදේශවල රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වනවිට භූමදානය කර අවසන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබී ඇති බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
“තව එකක් දෙකක් වගේ ඉතිරිවෙලා ඇති. ඒවත් බොහෝ දුරට අද හෝ හෙට නිරාකරණය වූ පසු භූමදානය කිරීමට කටයුතු කරනවා. ලංකාව තුළ ඊට පස්සේ භූමදානය කිරීමට හෝ ඉල්ලුම්කරන ලද දේහ කිසිවත් තිබෙන්නට විදිහක් නෑ.”
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක මෙම කොවිඩ් දේහ භූමදාන කටයුතු සිදු කෙරෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.