ගෝඨා-බැසිල්-නිශ්ශංක අත්අඩංගුවට ගන්න

අනාගතයේ භයානක පොලිස් ජිහාදයක් බිහිවේවිදෝ සැකයක් මතුවෙනවා – මාගල්කන්දේ සුදත්ත හිමි
පාස්කු ප්‍රහාරයට අරමුදල් සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති යන අය වහා අත්අඩංගුවට ගත යුතු බව මාගල්කන්දේ සුදත්ත හිමියෝ අවධාරණය කර සිටියහ.
මාධ්‍ය හමුවකට එකක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ අශෝක් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට ඇති බවත්, ඒ අනුව මෙම පුද්ගලයන් පවතින නීතියට අනුව අත්අඩංගුවට ගත යුතු බවත්ය.