Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

”කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩ දෙනවා”: අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

''කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩ දෙනවා'': අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

''කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩ දෙනවා'': අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

කොවිඩ්-19 වැළඳී මිය යන පුද්ගලයින්ගේ දේහ භූම දානය කිරීම සඳහා ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, (9) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේ වෙතත්, අදාළ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සජීවී විකාශයේ දර්ශනය නොවුණු අතර අග්‍රාමාත්‍යවරයා ඊට ලබා දුන් පිළිතුර පසුබිමින් ශ්‍රවණය විය.

එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා: ගරු කතානායකතුමනි, ඊයේ මේ සභා ගර්භයේදී අපේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය රෝහණ බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙම නම් දැන්වත් අපි අහන්න කැමතියි අගමැතිතුමාගෙන් මේ භූමදානය සඳහා අවසර දෙන්න…

කතානායකවරයා: ඒක රීති ප්‍රශනයක් නෙමෙයි වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශනයක් අදිනවා.

අග්‍රාමාත්‍යවරයා: මරික්කාර් මහත්මයා, මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට මට කියන්න තියෙන්නේ භූමදානය කරන්න ඉඩ දෙනවා.

Exit mobile version