මෙරට කොරෝනා මරණ 300 සීමාව පසුකරයි

නිවසේ මියයන පුද්ගලයින්ගේ දේහ ඥාතීන්ටම මුදා හැරීමට අවසර; එම්බාම් කිරීම තහනම්; පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතුයි
මෙරට කොවිඩ් – 19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 300යේ සීමාව පසු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයෙන් තහවුරුවෙයි.
(29) වාර්තා කළ මරණ 08ද සමගය. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ, කළුතර, ගාල්ල, අම්පාර සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි 43, 58, 63, 65, 66, 67, 80 සහ 90 වයස්වල පසුවූවන්ය.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 305කි.
ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් වැඩිම රටවල් අතර 91වන ස්ථානයේ පසුවේ.