ලංකාවේ අලීන්ගේ කල දසාවත් හොද නැති පාටයි

අලි මිනිස් ගැටුම 2022දී අලි ඇතුන් 433 දෙනකු මරුට
හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි ඇතුන් 31 දෙනෙකු අතුරුදහන් වී 12 දෙනෙකු මියගොස් ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයට අලි ඇතුන් 52නෙකු 2015 වසරේ මේය ආරම්භ කිරීමත් සමග යොමු කර තිබේ. මෙයින් අලි 12 දෙනෙකු ආහාර අහේනිය සහ මන්ධපෝෂණය නිසා මියගොස් ඇති අතර ඉතිරිව ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු බව එම විගණන වාර්තාවෙන් හෙළිකර ඇත.
අලි ඇතුන් සඳහා ආහාර සැපයීමට වසරක් තුළදී රුපියල් දෙකෝටි හැට එක්ලක්ෂ තිස්තුන්දහස් හතිසියයක් (රු. 26,133,700) කොන්ත්‍රාත් වශයෙන් ලබාදී තිබියදී අලි 12 දෙනෙකු ආහාර අහේනියෙන් මියගොස් තිබීම විශේෂත්වයකි. එමෙන්ම අලින් 31 දෙනෙකු මෙම මධ්‍යස්ථානයෙන් පැන ගියාද නැතහොත් මියගියාද යන්න පිළිබඳව වනජීවි දේපාර්තමේන්තුව සතුව කිසිදු තොරතුරක් නැති බව එම විගණනයෙන් සොයාගෙන තිබේ.
– LT