ධම්මික බණ්ඩාර මානසික රෝගියෙක්දැයි බැලීමට පරීක්ෂා කළයුතුයි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

දම්මික මානසික රෝගියෙක්දැයි බැලීමට පරීක්ෂා කළයුතුයි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

දම්මික මානසික රෝගියෙක්දැයි බැලීමට පරීක්ෂා කළයුතුයි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

තමන් විසින් කොරෝනා වසංගතයට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි පැණියක් සොයා ගත්තේ යැයි පවසන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තාට ඇත්තේ මානසික රෝගයක් දැයි සොයා බැලීම සඳහා සායනික පරීක්ෂණයක් කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් සඳහන්කරයි.

වෛද්‍යවරයා මේ බව සඳහන් කරන්නේ පසුගියදා ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඉදිරියේ හැසිරුණු ආකාරය සහ ඔහු පත්වාගෙන යන දේවාලයකදී කාන්තාවන්ට ප්‍රතිකාර ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

මෙවැනි තත්වයන් විශාදය හා මායාකාරී පෞරුෂය යන මානසික රෝග වැඟඳීමේ තත්වයක් බවත් මෙවැනි තත්වයන් දැඩි ආතතිය හා මානසික ගැටලු නිසා ඇතිවන මානසික පීඩනය පිටකිරීම නිසා බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙවැනි පුද්ගලයන්ගේ දක්නට ලැබෙන එම තත්වය කුමන ආකාරයෙන් පතින්නේද යන්න ස්ථීරවම කිව හැක්කේ එවැනි රෝගියෙකු පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

කිසිම මානසික රෝගයක් නොමැති පුද්ගලයෙකු වුවද වාණිජ අරමුණු වෙනුවෙන් සමාජයේ මුල්බැස ගත් දේව විශ්වාසවලින් තමන්ට වරම් ලැබී ඇති බව පවසමින් රඟ පෑමේ යෙදෙන බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියි.

මනේ වෛද්‍ය රූම් රූබන් ඉල්ලා සිටින්නේ මෙවන් වසංගත තත්වයකදී අන්ධානුකරණයෙන් නොව බුද්ධිමත්ව සිතා කටයුතු කිරීම අවශ්‍ය බවයි.

About The Author

WP2Social Auto Publish Powered By : XYZScripts.com