වියට්නාමයේ සැමගේ අවධානය දිනාගත් ශ්‍රී ලංකා කොත්තු සහ ආප්ප

වියට්නාමයේ සැමගේ අවධානය දිනාගත් ශ්‍රී ලංකා කොත්තු සහ ආප්ප
වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර ආහාර උළෙල වියට්නාමයේ – හෙනෝ හිදී පැවැත්විණි .
මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන, හෙනෝහි රාජ්‍ය නොවන සංවිධාන, වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු සංවිධානවල නිලධාරීන් සහභාගී වූහ. තවද වියට්නාමයේ ආහාර හා පාන පිළිබඳ සමාගම්වල ප්‍රධානීන් ද සහභාගී වූහ.
ශ්‍රී ලාංකික ආහාර වියට්නාම වැසියන් ඉතා ප්‍රිය කළ අතර කොත්තු සහ ආප්ප සෑම දෙනාගේම අවධානයට ලක්වීම විශේෂත්වයකි. ආහාර එවෙලේම පිළියෙළ කර වියට්නාම ජාතිකයන්ට සහ විදේශිකයන්ට ලබා දෙන ලදී.
මෙම ආහාර උළෙලට 1,500 කට අධික පිරිසක් සහභාගී වූ අතර ආහාර අලෙවිසැල් 115 ක් විවෘත කර තිබූ බව සඳහන් වේ.
-ibctamil