Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) තිහාරියේ ප්‍රදේශවාසීහු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන බව මාධ්‍යන් බොරු පතුරවයි

තිහාරියේ ප්‍රදේශවාසීහු පී.සී.ආර්. පරීක්ෂණ

තිහාරියේ ප්‍රදේශවාසීහු පී.සී.ආර්. පරීක්ෂණ

“ඇතැම් ජනමාධ්‍ය විසින් තිහාරිය ජනයා පී.සී.ආර් පරීක්ෂණවලට යොමු නොවී මගහරින බවට ප්‍රචාරය කරමින් සිටින්නේ ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීමට අහිංසක මුස්ලිම් ප්‍රජාවට සුපුරුදු ලෙස බෝලේ පාස් කරමිනි. එම ජනමාධ්‍යන් ඕනෑකමින්ම ඉකුත් නොවැම්බර් 30වන දා තිහාරිය ප්‍රදාන මුස්ලිම් දේවස්ථානය වන රව්ලා දේවස්ථානය ඉදිරිපිටදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණ 87%න් 99%ක් මුස්ලිම් පිරිස් වූ බවත් එම පරීක්ෂණ පැවැත්වීමට සියලු පහසුකම් සලසා දෙනු ලැබුවේත් මුස්ලිම් ජනතාව විසින්ම බවත් ප්‍රසිද්ධ නොකරන්නේ කිසියම යටි අරමුණක් සහ න්‍යාය පත්‍රයකට අනුව බව සුපැහැදිලිය.” යනුවෙන් ජාතික ජන බලවේගයේ සාමාජික මවුලවි මුනීර් මුලෆ්ෆර් ෆේස්බුක් සටහනක් තබමින් අදහස් පළකරයි.

ඔහු වැඩි දුරටත් සදහන් කර තිබුනේ,

“ඒ විතරක් නෙවෙයි දෙවන වරටත් ඉකුත් 5 වන දා 240 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණි සිටි අතර එයින් 99%ක් දෙනා තිහාරියේ මුස්ලිම් ප්‍රජාව බව වගකීමෙන් කිව හැකිය. එම පරීක්ෂණය පැවැත්වීමටත් සහයෝගය ලබා දී තිබුණේ රව්ලා දේවස්ථානයයි. පවත්වන ලද එම පරීක්ෂණයට යොමු වන ලෙස ගම් වැසියන්ගෙන් ප්‍රදේශයේ සියලුම දේවස්ථානයන් ලවුඩ්ස්පීකර් මගින් නිවේදනය කරමින් ඉල්ලා සිටියේ ප්‍රජා වගකීම මනාව දත් නිසාය. නමුත් අවාසනාවකට ඇතැම්හු වට්සැප් සහ ෆේස්බුක් හරහා තිහාරියේ ජනතාව පරීක්ෂණවලට යොමු නොවනවා යැයි ප්‍රචාරය කරමින් සිටිති. එනිසා නිර්ලජ්ජිත ලෙස බොරු ප්‍රචාරය කරන්නන් තම හෙළුව වසා ගැනීමට තැටිය පෙරලීම ප්‍රජාවක් ලෙස අපි තරයේ හෙළා දකිමින් සාමකාමී රටක් ගොඩනැගීමට වෛරී අදහස් ප්‍රචාරය නොකර ඔබේ සමාජ වගකීම ඉටුකරන ලෙස අවධාරණය කරන්නට කැමැත්තෙමු.” යනුවෙන්ය.

මේ අතර අත්තනගල්ල , තිහාරිය ප්‍රදේශවාසීන් පෙරේදා දින කිසිදු විරෝධතාවයකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන්ට සාමකාමීව සහාය ලබා දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

මෙම ප්‍රදේශය වෙත පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් මෙම පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට පැමිණ තිබූ බවත් , එසේම ප්‍රදේශයේ මව්ලවිවරුන් 14 දෙනෙකු ප්‍රදේශය පුරා යමින් සෞඛ්‍ය පරීක්ෂණ වල වැදගත්කම සහ පී.සී.ආර්.පරීක්ෂණ සදහා අවශ්‍ය සහාය ලබා දිය යුතු බවට අවධාරණය කරමින් ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබීම මෙසේ සාමකාමී වටපිටාවක් නිර්මාණය වීමට හේතු වී තිබූ බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 5,815 දෙනෙකු හමු වී ඇති අතර ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 93,640 ක් සිදු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .

Exit mobile version