කල්ලාරු රක්ෂිතය කපා දැමීම නීති විරෝධීයි – පෞද්ගලික මුදලින් නැවත වන වගා කරන්න රිෂාඩ්ට නියම වෙයි

අභියාචනාධිකරණ නියෝගයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු අභයභූමියේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය නීතී විරෝධි යැයි ඊයේ (16) තීරණය කළ අභියාචනාධිකරණය එම එළිපෙහෙළිකළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින් යළි වන වගාව සිදු කළ යුතු යැයිද තීන්දු කළේය.
මෙම වනාන්තර එළි පෙහළිකිරීමට විරුද්ධව පෙත්සම් ගොනු කළ පරිසර යුක්ති කෙන්ද්‍රයට නඩු ගාස්තු ගෙවන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට නියෝග කෙරිණි.
උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචිකිරීම් සඳහා නිවාස ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම එළිපෙහෙළි කිරීම් සිදු කළ බවට අනාවරණය වී තිබිණි.