හදිසි අසනීප වීමෙන් අත්අඩංගුවේ සිටි සිරකරුවෙකු මිය යයි

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට
අඟුනුකොළපැලැස්ස සිරකඳවුරේ අත්අඩංගුවේ සිටි සිරකරුවෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් අද උදෑසන මිය ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
ලිංගික අපයෝජන චෝදනා මත ඔහු සිර දඬුවම් විඳිමින් සිටි බවද, මියගිය පුද්ගලයාගේ දේහය අඟුනුකොළපැලැස්ස දිසා රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තබා ඇති බවද වැඩි දුරටත් සඳහන් වේ.