මෙරට කහ අවශ්‍යතාවය සපුරාලීමට යුද්ධ හමුදාව පෙරට එයි

මෙරට කහ අවශ්‍යතාවය සපුරාලීමට යුද්ධ හමුදාව පෙරට එයි
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු – නව රටක්’ සංකල්පයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීමේ පිළියමක් ලෙස කෘෂිකාර්මික ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින ජාතික සංවර්ධනය සඳහා සක්‍රීය දායකත්වයක් සැපයීම වෙනුවෙන් කහ වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි.
5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධව අම්බලන්ගොඩ කොහිලවගුරවත්ත ගොවිපල ආශ්‍රිතව බීජ කහ වගා කිරීමේ ව්‍යාපෘතියේ මූලික අදියර ඔක්තෝබර් 02 දින ආරම්භ කළ අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා කිරීම සිදුකෙරේ.
දේශිය බීජ කහ අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් රුපියල් මිලියන 4 ක් වටිනා කහ පැළ 100,000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් බලල්ල පිහිටි යුද්ධ හමුදා ගොවිපලේදීත් තෙවන අදියර රඹකැන්ඔය ප්‍රදේශයෙදීත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපලවල් ආශ්‍රිතව අක්කර 200 ක භූමි ප්‍රමාණයක් තුල මිරිස් වගාකිරීම, අක්කර 1000 ක පොල් වගාකිරීම, අක්කර 500 ක TEJC අඹ වගා ව්‍යාපෘතිය සහ කොන්ඩච්චි සිලාවතුර ප්‍රදේශයෙහි කෘෂි සංචාරක කළාපයක් පිහිටුවීමේ අරමුණින් අක්කර 200 කින් යුත් කජු වගා ව්‍යාපෘතියක් ද මේ වනවිට ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් හා එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමන්, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි ගේ ප්‍රධානත්වයෙන් කහ පැළ 50,000 ක් රෝපණය කරමින් (05) දින ආරම්භ කෙරිණි. මෙම අවස්ථාව සඳහා එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් මෙන්ම යුද්ධ හමුදා ජ්‍යෙෂ්ට නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ද සහභාගී වූහ.



– army.lk