(Video) රජය යමක් වසන් කළාද? – සජිත්ගේ කතාවෙන් හෙළි වූ කරුණු

රජය යමක් වසන් කළාද? - සජිත්ගේ කතාවෙන් හෙළි වූ කරුණු
කොරෝනා රෝගය නිසා ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම නිසා මුස්ලිම් ජනතාවගේ විරෝධයක් තිබුණි. එහෙත් ඔවුන්ගේ එම විරෝධය තර්කානුකූල නොවන බවත්, විද්යානුකුල නොවන බවත් රජය පවසා සිටියේය.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව භූමදානය නොකළ යුතු බවට රජය පවසා සිටියේය. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් නිර්දේශය නොවන බවත්, ලාංකික නිර්දේශයක් පමණක් බවත් හෙළිවිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව නිර්දේශයක් ලබාදී තිබියදී සහ අනෙකුත් රටවල් කොරෝනා රෝගයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ දේහයන් භූමදාන කරන පරිසරය තුළ, ලංකාව පමණක් මෙම ක්‍රමය තෝරා ගැන තිබුණි.