පොලිස් අත්අඩංගුවේ පසුවූ මාකඳුරේ මධුෂ් වෙඩි පහරකින් මරුට

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: මාකඳුරේ මධුෂ් කී දේශපාලනඥයන්ගේ නම් හෙළි කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි
අද අලුයම පොලිසිය සහ පාතාල කණ්ඩායමක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සහ අත් බෝම්බ පිපිරීමකින් මාකඳුරේ මධුෂ් මරුමුවට පත් බව ඇති බව පොලිසිය වාර්තා කරයි.
2019 පෙබරවාරි මාසයේදී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාරදුන් මාකඳුරේ මධුෂ් නැමැති සැකකරුවා, අද අළුයම මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමකට රැගෙන ගිය බවත්, එහිදී සිදුවූ අත් බෝම්බ පිපිරීමක් සහ වෙඩි තැබීමකින් මාකඳුර මදුශ් මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසියට අනුව මෙය සිදුවී ඇත්තේ මාලිගාවත්ත ඇපල් වත්තේ පිහිටි නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ දී ය.
පොලිස් වාර්තා අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධියට අදාළව හෙරොයින් කිලෝග්‍රෑම් විසිදෙකක්, ගිනි අවියක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට පත්වී ඇති අතර සිද්ධියට අදාළ කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැත.