Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය රටේ ජනතාවගෙන් අභිමතය විමසිය යුතුයි – ජයම්පති වික්‍රමරත්න

ජයම්පති වික්‍රමරත්න

ජයම්පති වික්‍රමරත්න

ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනතාවගේ අභිමතය නොවිමසා ක්‍රියාත්මක කළ බැවින්, ජනතාවගේ අභිමතය නොවිමසාම එහි සංශෝධනයන් සිදු කළ හැකියි යන තර්කය සාධාරණ වේ.එමෙන්ම පරමාධිපත්‍යය බලගැන්වීම සඳහා ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නැත. නමුත් එය බල රහිත කිරීම සඳහා ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. 19 වන සංශෝධනය ජනතා පරමාධිපත්‍යය තවත් බල ගැන්වීය. නමුත් එම ජයග්‍රහණය 20 වන සංශෝධනය මගින් නැවත ආපස්සට හරවන්නේ නම් ජනතාවගේ අභිප්‍රාය විමසීම අනිවාර්ය කටයුත්තක් බව හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

ව්‍යවස්ථාවට 20 වන සංශෝධනය සම්මත වේ නම් එය නැවතත් 2010-2015 කාලයට රට ගෙනයනු ඇත. 19 යෙන් ඉතුරු වන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 5 සහ ජනාධිපති ධූරය සඳහා වන සීමා සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය යනාදිය වේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් මත සහ ජනතා පරමාධිපත්‍ය මත 20 වන සංශෝධනය ඇති කළහැකි බලපෑම් පිළිබඳව පැහැදිලි කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජනතාව අතරේ පුළුල් සංවාදයක් ඇතිවිය යුතුයි යන්න අවධාරණය කිරීම මාගේ අරමුණයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු දක්නට ලැබෙනවා. විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය මුළුමනින්ම ඉවත් නොකොර සිටීම සඳහා යහපාලන රජය තීරණය කිරීම එයින් එකක්. 20 වන සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ජනධිපතිගේ යටතට ගෙනවිත් තියෙනවා. එවගේම රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති ලෙස සිටින කාලයේ 1978 ව්‍යවස්ථාව නිසා ඔහු කාර්යාලයක වැඩ කරන කාර්යාල සහායක තරමට පත්ව සිටි බව ප්‍රකාශ කර තිබුණා.

නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිට බලතල වැඩියෙන් ලැබුණා. එහෙත් 20 වැනි සංශෝධනය සම්මත වුවහොත් අගමැති නැවතත් ඉහත කී තත්වයටම පත්විය යුතු වේ. අගමැති ඕනෑම අවස්ථාවක ධුරයෙන් ඉවත් කළ හැකි වේවි. ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු පත්කිරීමෙදී අගමැතිගෙන් විමසීමඅවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළේය.

Exit mobile version