හිටපු අමාත්ය දයා ගමගේට එරෙහිව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් අද (24) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
පසුගිය 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්යමය අක්රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

