Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ මහනගර සභාවේ දීපා එදිරිසිංහ ඉල්ලා අස්වෙයි – බදුල්ල මහනගර සභාවට නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

දීපා එදිරිසිංහ කොළඹ මහනගර සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා; බදුල්ල මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙකුත් ඉල්ලා අස්වෙයි

දීපා එදිරිසිංහ කොළඹ මහනගර සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා; බදුල්ල මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙකුත් ඉල්ලා අස්වෙයි

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මන්ත්‍රීධුරය භාරගැනීමේදී වසරකින් අනතුරුව ඉන් ඉල්ලා අස්වන බවට වූ පොරොන්දුවක් මත ඇය මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වනවා. ඉන් අනතුරුව අදාළ නම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මෙලෙස ඉල්ලා අස්වූ දීපා එදිරිසිංහ මහත්මිය මීට පෙර 2021 වසරේදී අත්අඩංගුවට පත් විය.

ඒ, රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේයි.

එදිරිසිංහ ව්‍යාපාරය කලෙක මෙරට තිබූ දැවැන්ත ව්‍යාපාර ජාලයක් වූ අතර එහි සභාපතිනී සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව එම ව්‍යාපාර දිනෙන් දින අභාවයට යනු ලැබූවා. ඇයගේ දරුවන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ හට එම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිවූ අතර ඔවුන් සතුව තිබූ රූපවාහිනී නාළිකාව වන ස්වර්ණවාහිනී සහ රේඩියෝ නාලිකා කිහිපයක්ද විකුණා දැමීමට සිදු වු අතර,

ETI සමාගම හරහා තැන්පතුකරුවන්ගේ රුපියල් බිලියන ගණනක මුදල් වංචා කර තිබූ අතර මේ හේතුවෙන් ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා. දීපා එදිරිසිංහ මහත්මිය ETI සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කරනු ලැබුවා.

මේ අතර, බදුල්ල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු මෙලෙස සිය දූරයෙන් ඉල්ලි අස් වී තිබෙන්නේ පෞද්ගලික හේතුවක් මත බවයි වාර්තා වන්නේ.

එම පුරප්පාඩුව පිරවීම සඳහා බදුල්ල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නව නාගරික මන්ත්‍රීවරයා ලෙස ජයසේන රත්නායක මහතා ඊයේ (13) දින ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ

Exit mobile version