Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රවී – ශානි පත්කිරීම ගැන කතෝලික සභාවේ මතය

රවී - ශානි පත්කිරීම ගැන කතෝලික සභාවේ මතය

රවී - ශානි පත්කිරීම ගැන කතෝලික සභාවේ මතය

රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර වත්මන් තනතුරු සඳහා පත්කිරීමට කාදිනල් හිමිපාණන් කිසිදු ඉල්ලීමක් කර නොතිබූ බව කතෝලික සභාව අවධාරණය කරයි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා අද දින (17) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

“ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මේ තනතුරුවලට පත් කරන්න කියලා කාදිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ.”

“ඊබ්‍රහීම්ට ඇප දුන්නේ අධිකරණය. ඇප දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුව නිදොස් කොට නිදහස් කළා කියලා. ඒ නඩුව තාම යනවා. ඒ වගේම ඔය කියන දේපොළ ඊබ්‍රහීම් නානාගේ දේපොළ නෙමෙයි. මේ දේපොළ ඊබ්‍රහීම් නානාගේ සහෝදරයෙකුගේ දේපොළ. ඒ නිසා ඒක අධිකරණයෙන් තමයි ඉල්ලීම කළේ ඒ දේපොළ නිදහස් කරන්න කියලා. එතකොට අධිකරණය තමයි නිදහස් කළේ.”

“අත්අඩංගුවට ගන්න එපා කියලා ගෝඨාභය මහත්තයා අධිකරණයට පෙත්සමක් භාරදීපු එක ඔහුගේ අයිතියක්. තීන්දුව ලැබෙනකම් අපිට බලන් ඉන්න වෙනවා.”

“අසත්‍ය ප්‍රචාර සහ විවිධ මඩගැසීම්..මේ සියල්ලේම අරමුණ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගනිමින් සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට බාධා කරමින් ඒවා කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් බව හොඳින්ම පේන්න තියෙන කාරණයක්.”

“එමනිසා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන කිසිම පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙස අපි මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Exit mobile version