”ඉකුත් බදාදා ලන්ඩන් නුවරදී ඉස්මයිල් හුසේන් නම් මුස්ලිම් ජාතිකයෙකුට පිහියෙන් ඇන තිබේ. ඔහුට ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කර ඇත.
නමුත් ඔබ ප්‍රවෘත්ති සිරස්තල, උණුසුම් පුවත් වාර්තා නැරඹුවේ නම්, හෝ විචාරකයින්ගේ සහ දේශපාලන පන්තියේ අදහස්වලට සවන් දුන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම ඒ බව දැන නොගන්නා බව නොඅනුමානයි .
ඊට හේතුව නම්, චූදිතයා වන එස්සා සුලෙයිමාන් යනු එදිනම පසුව විශාල යුදෙව් ජනගහනයක් වෙසෙන නගරයේ ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රදේශයේදී යුදෙව් ජාතිකයන් දෙදෙනෙකුට පිහියෙන් ඇනීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයාම වීමයි.
බ්‍රිතාන්‍ය මාධ්‍ය හුසේන් මහතාට එල්ල වූ ප්‍රහාරය ගැන කිසිසේත්ම වාර්තා නොකළා යැයි පැවසිය නොහැක. ඔවුන් එය ස්වල්ප වශයෙන් වාර්තා කළ නමුත්, එය ලිපිවල ගැඹුරින් සැඟවී තිබුණි නැතහොත් ගෝල්ඩර්ස් ග්‍රීන්හි සිදු වූ දේ පිළිබඳ කතාවට ඉක්මන් අතිරේකයක් ලෙස පමණක් සඳහන් කර තිබුණි.
මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මගේ මුළු වෘත්තීය ජීවිතයම ගත කළ අයෙකු ලෙස, ඔවුන් එම තීරණ ගන්නා විට ඔවුන්ගේ මනස ක්‍රියා කළ ආකාරය මට ඇසේ: එය (මුස්ලිම් පුද්ගලයාට පහරදීම) පුවතට ඇතුළත් කිරීම කතාව ඕනෑවට වඩා සංකීර්ණ කරයි. එය පුවත් සිරස්තලවලට හානි කරයි. එයින් ප්‍රවෘත්තියේ ඇති ආකර්ෂණය නැති වී යයි.”
”තවද එහි ස්වයං-වාරණයට (self-censorship) මඟ පාදන බියක් පවතී – එනම් මාධ්‍ය සහ දේශපාලනය තුළ සිටින ඊශ්‍රායල හිතවාදීන් පිළිබඳ බියයි. එය බ්‍රිතාන්‍යය තුළ සිටින ඊශ්‍රායල හිතවාදී කණ්ඩායම් (pro-Israel lobby) සහ ඔවුන්ගේ බොහෝ බලවත් අනුග්‍රාහකයින් පිළිබඳ පවතින බියකි; ‘වැරදි’ පැත්තේ සිටින අයෙකු ලෙස සැලකීමට හෝ ‘යුදෙව් විරෝධියෙකු’ (antisemite) ලෙස හංවඩු ගැසීමට ඇති බියයි.
මෙම වාර්තාකරණය, තමන් පිළිගත්තත් නැතත් සවුත්වර්ක්හි (Southwark) සිදු වූවාට වඩා ගෝල්ඩර්ස් ග්‍රීන්හි සිදු වූ දේ වඩා වැදගත් යැයි විශ්වාස කරන ප්‍රභූ මාධ්‍ය පන්තියක ලෝක දෘෂ්ටියක ප්‍රතිඵලයකි. හුසේන්ට පිහියෙන් ඇනීම මෙම පුවත සංකීර්ණ කරන බව ඔවුන් දන්නා අතර, 2008 වසරේදී සුලෙයිමාන් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ පොලිස් සුනඛයෙකුට පිහියෙන් ඇන තිබීම ද එම සංකීර්ණත්වය වැඩි කරයි.
එසේනම්, ඔහු එකල පලස්තීන හිතවාදී ‘වෛරී පාගමන්’ (hate marches) හරහා අන්තවාදයට යොමු වූවෙකුද?”

