Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතිහාසයේ පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ඊයේ (07) පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමිනි.

“දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අමාත්‍යාංශ හසුරුවලා, රට විනාශ කරපු බංකලොත් කරපු රටක් තමයි අපි භාරගත්තේ. දැන් අපිට ඇවිත් උපදෙස් දෙනවා ප්‍රගති වාර්තාව, එල් බෝඩ් එක ගැන. ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යනඑන මං නැතිවී තිබෙනවා.

අපි රට භාර අරගෙන එක අවුරුද්දක් ඇතුළත, පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට ළං වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා.

ඔයගොල්ලෝ වසර ගානක් තිස්සේ විනාශ කළ ආර්ථිකය. ඔය කියපු එල් – බෝඩ් ආණ්ඩුව ආර්ථිකය ඉතාමත් යහපත් ලෙස අවුරුදු එකහාමාරක් ඇතුළත ස්ථාවරව හදලා තියෙනවා. ඒ නිසා තමයි එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ, දිට්වා හානි පියවන්න, රුපියලක්වත් ණය ගන්නේ නැතිව භාණ්ඩාගරයෙන් ගන්නේ කියලා.”

Exit mobile version