පාර්ලිමේන්තු ආසන සම්බන්ධයෙන් මතභේද උත්සන්න වීමත් සමග ඉන්දියාව කාන්තා කෝටා පනත් කෙටුම්පතක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල ආසනවලින් තුනෙන් එකක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතු බවට ඉන්දීය රජය දැඩි මතයක සිටිනවා.
මේ අනුව ඉන්දීය දේශපාලන සිතියම යළි සකස් කිරීමට සූදානමින් සිටින බවයි ඉන්දියාව පවසන්නේ.
ඒ සඳහා ඊයේ (16) සිට දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක්ද පැවැත්වෙනවා.
අදාළ යෝජනාව තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන ව්‍යාවස්ථා සංශෝධනයක් වනු ඇති.
ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 543 දෙනාගෙන් කාන්තාවන් සිටිනුයේ 14 දෙනෙකු පමණයි.
ප්‍රතිසංස්කරණ මගින් එම සංඛ්‍යාව අවම වශයෙන් තුනෙන් එකක් දක්වා ඉහළ නැංවීම අරමුණයි.
කෙසේ වෙතත් මැතිවරණ සමයක් තුළ රජය කඩිමුඩියේ වෙනස්කම් සිදු කරන බවට ඉන්දීය විපක්ෂය චෝදනා කරනවා.

