Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2026දී නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් – රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

2026දී නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

2026දී නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

මේ වසරේ නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.

වසරේ ඖෂධ නිෂ්පාදන ඉලක්කය, පෙති හා කරල් මිලියන 4000ක්.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ජයන්ත විජයබණ්ඩාර සඳහන් කළේ, මේ වන විට ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරන බවය.

රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයට නුදුරින් ඉදිවෙමින් පවතින මහල් දෙකකින් යුත් ඖෂධ ගබඩා සංකීර්ණය ලබන මාර්තු මාසයේ විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ ගබඩා සංකීර්ණයක් සහ ඖෂධ නිෂ්පාදන සහ ඇසුරුම් සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජයන්ත විජයබණ්ඩාර සඳහන් කරන ලදි.

මේ අතර, පසුගිය 2025 වසරේ ඉතිහාසයේ වැඩිම ඖෂධ සංඛ්‍යාව නිෂ්පාදනය කිරීමට, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත් වුණි.

එම සංඛ්‍යාව, පෙති සහ කරල් මිලියන 3625ක්.

මේ වසරේ නව ඖෂධ වර්ග 5ක්ද, අලුතින් හඳුන්වා දෙන ලදි.

Exit mobile version