ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.
කුලියාපිටියේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සිය රෝහල් පාදක අධ්‍යයන කටයුතු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කරනු ලබන බව සඳහන් වෙයි.
අධ්‍යයන කණ්ඩායම් 03කට අයත් වෛද්‍ය සිසුන්ට නේවාසික පහසුකම් සැපයීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල ආශ්‍රිතව වයඹ විශ්වවිද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති බැවින්, එම සිසුන්හට පුද්ගලිකව නේවාසික පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත. එබැවින්, එම සිසුන්හට දිවා හා රාත්‍රී කාලයේදී කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පහසුවෙන් ළඟා වීමට හැකි ආරක්ෂිත ස්ථානයක නේවාසිකාගාරයක් ඉදිකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී තිබෙයි.
ඒ අනුව, එම නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි රජයට අයත් පර්චස් 80ක ඉඩම් කොටසක් රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනාවක් ලෙස ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.