Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානයේ අගමැති ධුරයට යළිත් ෂිගේරු ඉෂිබා

ජපානයේ අගමැති ධුරයට ෂිගේරු ඉෂිබා යළිත්

ජපානයේ අගමැති ධුරයට ෂිගේරු ඉෂිබා යළිත්

ෂිගේරු ඉෂිබා, යළි ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්ව තිබේ.

ඒ, එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමේදී බහුතර බලයක් දිනාගනිමිනි. එහිදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායක ෂිගේරු ඉෂිබාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව, 221ක්.

විපක්ෂ අපේක්ෂක යොෂිහිකෝ නෝඩා, ඡන්ද 160ක් දිනා ගත්තේය.

පළමු වටයේදී කිසිඳු අපේක්ෂකයෙකුට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව තිබුණි.

එහිදී ෂිගේරු ඉෂිබා, වැඩි ඡන්දයෙන් ජපානයේ 103වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

එරට පහළ මන්ත්‍රී මණ්ඩලය තුළ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීම වෙනුවෙන් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් පවත්වා ඇත්තේ, වසර 30 කට පසුවයි.

Exit mobile version