Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය “විශේෂිත ව්‍යාපෘතියක්”ලෙස ප්‍රකාශයට පත් කෙරේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට“විශේෂිත ව්‍යාපෘතියක්”ලෙස ප්‍රකාශයට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට“විශේෂිත ව්‍යාපෘතියක්”ලෙස ප්‍රකාශයට

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනගිර බහළු පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහළු පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එසේම එකී බහාලුම් සඳහා අවශ්‍ය දොඹකර මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයද මේ වන විට පිරිනමා ඇති බවද සඳහන්.

ඒ අනුව කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන ලබාදී ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී සඳහන් වී ඇත්තේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් වශයෙන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

Exit mobile version