Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දුනීසියාවේ 8වන ජනාධිපතිවරයා ලෙස හිටපු හමුදා ජෙනරාල් ප්‍රාබෝවෝ සුබියන්ටෝයි

ඉන්දුනීසියාවේ 8වන ජනාධිපතිවරයා ලෙස හිටපු හමුදා ජෙනරාල් ප්‍රාබෝවෝ සුබියන්ටෝයි දිවුරුම් දෙයි

ඉන්දුනීසියාවේ 8වන ජනාධිපතිවරයා ලෙස හිටපු හමුදා ජෙනරාල් ප්‍රාබෝවෝ සුබියන්ටෝයි දිවුරුම් දෙයි

ඉන්දුනීසියා ජනාධිපතිවරයා එරට විශාලතම කැබිනට් මණ්ඩලය සමඟ දිවුරුම් දී තිබෙනවා.

හිටපු හමුදා ජෙනරාල් ප්‍රාබෝවෝ සුබියන්ටෝයි මෙසේ ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙන්නේ.

දශක ගණනාවක් තිස්සේ මානව හිමිකම් උල්ලංඝන චෝදනා වලින් පීඩාවිඳි 73 හැවිරිදි ඔහු, ඉන්දුනීසියාවේ අටවන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගෙන තිබෙනවා.

මෙය දශකයක් පුරා එරට ආර්ථික වර්ධනයේ සහ යටිතල පහසුකම් සංවර්ධනයේ මුලිකත්වය ගත් හිටපු නායක ජෝකෝ විඩෝඩෝ පාලනයේ අවසානය සනිටුහන් කිරීමක් බවයි වාර්තා වන්නේ.

දෙවරක් ජනාධිපති වීමට අපොහොසත් වූ ප්රසබෝවෝ අවසානයේ ප්‍රතිවාදීන් දෙදෙනෙකුට එරෙහිව පසුගිය පෙබරවාරි මාසයේ පැවති මැතිවරණයෙන් 58%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුවය ජනාධිපතිවරයා ලෙස පත් වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් ලැමි, චීන උප ජනාධිපති හැන් ෂෙන්ග්, පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් සහ සිංගප්පූරුවේ අගමැති ලෝරන්ස් වොන්ග් ඇතුළු රාජ්යත නායකයින් 30කට වැඩි පිරිසක් දුවුරුම් දීමේ උත්සවයට එක්ව සිටි බව වාර්තා වෙනවා.

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් 48ක් සහ උප ඇමතිවරුන් 58 කින් සමන්විත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Exit mobile version