Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ෆේස්බුක් ප්‍රචාරණය වෙනුවෙන් කළ වියදම්

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ෆේස්බුක් ඇඩ්වලට කළ වියදම්

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ෆේස්බුක් ඇඩ්වලට කළ වියදම්

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් කිහිපදෙනෙකු Meta වේදිකා හරහා සිය දේශපාලන දැන්වීම් සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් පිළිබඳව දත්ත වාර්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් පවතී.

එම දත්ත වාර්තාවට අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ෆේස්බුක් ඇඩ්ස් සඳහා වැඩිම වියදමක් දරා ඇත.

ඔහු සිය ෆේස්බුක් පිටුවට සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වන ෆේස්බුක් පිටු සඳහා පසුගිය දින 90ක කාලය තුළ Meta Ads සදහා රුපියල් 33,230,360ක මුදලක් වියදම් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින 90 ක කාලය තුළ Meta Ads සදහා රුපියල් 32,514,220ක මුදලක් වියදම් කර ඇති බව එම වාර්තාවේ සඳහන්.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රුපියල් 7,142,795 ක මුදලක් Meta Ads සදහා වියදම් කර ඇති අතර ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා රුපියල් 8,579,955 ක මුදලක් ඒ සඳහා වියදම් කර තිබේ.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතරින් Meta Ads සඳහා අඩුම වියදමක් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂයි.

ඔහු පසුගිය දින 90 ක කාලය තුළ රුපියල් 665,202ක මුදලක් මෙම ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සඳහා වියදම් කර තිබේ.

මව්බිම ජනතා පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතා රුපියල් 1,631,750ක මුදලක් සහ ජනක රත්නායක මහතා රුපියල් 1,907,165ක මුදලක් Meta Ads සදහා වියදම්කර ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන්.

Exit mobile version