Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව ස්මාර්ට් ෆෝන් ආනයන බදු අඩු කරයි

ඉන්දියාව ස්මාර්ට් ෆෝන් ආනයන බදු අඩු කරයි

ඉන්දියාව ස්මාර්ට් ෆෝන් ආනයන බදු අඩු කරයි

නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහළ දක්වා අඩු කර ඇත.

මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බව විශ්වාස කෙරෙයි.

ඇපල් අයිෆෝන්වල සමස්ත නිෂ්පාදනයෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයත් වාර්ෂිකව ඉන්දියාවට ආනයනය කරයි.

මේ නිසා 5%ක බදු කප්පාදුව හේතුවෙන් ඇපල් සමාගමට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 35ත් 50ත් අතර මූල්‍යමය වාසියක් හිමිවෙයි.

ෆොක්ස්කොන් සහ ඉන්දියාවේ ටාටා සමූහය වැනි ආයතන කොන්ත්‍රාත්කරුවන් ලෙස යොදාගනිමින් ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළත් නිෂ්පාදනය කළත්, ඉහළ අන්තයේ (high end) ඇපල් ප්‍රෝ සහ ප්‍රෝ මැක්ස් වැනි ඇපල් දුරකථන මාදිලි ඉන්දියාව තවදුරටත් ආනයනය කරනු ලබයි.

Exit mobile version