Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජසන්තක බෙහෙත් ඉඟුරු ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතුවලට

ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට අනුමැතිය

ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට අනුමැතිය

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බෙහෙත් ඉඟුරු සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 87ක් සඳහා බෙහෙත් ඉඟුරු අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනු ලබන අතර, මේ වන විට වෙළෙඳපොළේ බෙහෙත් ඉඟුරුවල දැඩි හිඟයක් පවතින බව හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලැබ ඇති බෙහෙත් ඉඟුරු ටොන් 5020 ප්‍රමාණයක් පවතින අතර එකී බෙහෙත් ඉඟුරු තොගය සහනදායී මිල ගණන් යටතේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

Exit mobile version