Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට

2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් බිලියනයක වාහන ආනයනය කරලා

2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් බිලියනයක වාහන ආනයනය කරලා

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

නමු​ත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් හා වෑන් රථ 75ක් ආනයනය කිරීම සඳහා 2024 අප්‍රේල් 01 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 07 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි සහ එම පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන රෙගුලාසි ඒ අනුව පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇත.

Exit mobile version