Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධී ලෙස කපා ගබඩා කර තිබූ බුරුත දැව තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස කපා ගබඩා කර තිබූ බුරුත දැව තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස කපා ගබඩා කර තිබූ බුරුත දැව තොගයක් අත්අඩංගුවට

මුලතිව්, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ ඉඩමක තිබිය දී නීති විරෝධී ලෙස කපා ගබඩා කර තිබූ බුරුත දැව තොගයක් (08) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් 195ක් මෙම ස්ථානයේ තිබී සොයා ගන්නා ලදී.

උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල මහතා වෙත ලැබුණු තොරතුරක් මත මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

මෙතෙක් මෙම දැව ජාවාරම පොලීසියේ හෝ වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහාය ඇතිව කරගෙන ගිය ජාවාරමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහාද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ පරිසරයට හානි කරමින් නීති විරෝධී ජාවාරම් සිදු කරන පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුම් දිගින් දිගටම සිදු කරනු ඇතැයි පොලිසිය පවසයි.

Exit mobile version