Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාලදිවයිනේ මැතිවරණයෙන් පාලක පක්ෂය බලය තහවුරු වේ

මාලදිවයිනේ මැතිවරණයෙන් පාලක පක්ෂය බලය තහවුරු කරයි

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය එරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

ඔහුගේ මහජන ජාතික කොංග්‍රසය මන්ත්‍රීවරුන් 93 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ආසන 66ක් දිනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ජයග්‍රහණය චීනය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ජනපති මුයිසුගේ ප්‍රතිපත්තියට ශක්තිමත් පිටුබලයක් වන බව බොහෝ දෙනාගේ අදහස වේ.

චීනයට පක්ෂපාතී ලෙස සැලකෙන මාලදිවයිනේ ජනපති අවශ්‍ය වන්නේ තම රට තුළ ඉන්දියාවේ දිගුකාලීන බලපෑම අඩු කිරීමට බව ඔහු සඳහන් කර තිබේ.

මෙම මැතිවරණ ජයග්‍රහණයෙන් “සුපිරි බහුතරයක්” ලබා ගෙන ඇති මහජන ජාතික කොංග්‍රසය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තුව බලයද ලබා ගැනීමට සමත්ව ඇති බව සඳහන්වේ.

Exit mobile version