Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වසා දැමීමට නියෝගයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වසා දැමීමට නියෝගයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වසා දැමීමට නියෝගයක්

ඇමරිකා එක්සත් ජනපදයේ මව් සමාගම ක්‍රියාත්මක වෙන මැක්ඩොනල්ඩ්ස් සමාගමේ වෙළඳ නාමය යටතේ මෙරට ක්‍රියාත්මක වුණු අවන්හල් ජාලයේ අවන්හල් 12ක් පවත්වාගෙන යෑම අප්‍රේල් මස 4 වැනිදා දක්වා තහනම් කිරීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

තම කීර්තිමත් සන්නාමය යටතේ, මෙරට නියෝජිතයා විසින් පවත්වාගෙන යන අවහන්හල් ගිවිසුම් ප්‍රකාරව පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති නිසා එකී ගිවිසුම අවලංගු කරන ලෙස ඇමරිකාවේ මැක්ඩොනල්ඩ්ස් මව් සමාගම මෙරට අධිකරණයට පැමිණිලි කර තිබෙනවා.

අඩුපාඩුකම් අවම කර ප්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙස කළ ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හැර ක්‍රියා කළ නිසා පසුගිය 21 වැනිදා සිට අදාල ගිවිසුම අවසන් කළ බවයි මැක්ඩොනල්ඩ්ස් සමාගම පවසන්නේ.

අන්තර්ජාලයට අනුව, මෙරට මැක්ඩොනල්ඩ්ස් නියෝජිතායතනය වන්නේ අබාන්ස් සමාගමට අනුබද්ධිත අබාන්ස් රෙස්ටුරන්ට් සිස්ටම් ආයතනයයි.

Exit mobile version