Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 අවසානයේ ඉන්දියාවේ ආර්ථිකය 8.4%ක වර්ධනයක්

2023 අවසානයේ ඉන්දියාවේ ආර්ථිකය 8.4%ක වර්ධනයක්

2023 අවසානයේ ඉන්දියාවේ ආර්ථිකය 8.4%ක වර්ධනයක්

වසර 2023 අවසන් වන විට ඉන්දියාව විමතිය දනවනසුලු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එරට සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

එය අගමැති නරේන්ද්‍ර මෝදිට තුන්වැනි ධුර කාලය ලබා දිය හැකි මැතිවරණයක් පසුබිම නිර්මාණය කර ඇතැයි ද සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2022ට සාපේක්ෂව 2023 වසරේදී ලොව වේගවත්ම වර්ධන ආර්ථිකයක් පෙන්නුම් කර ඇති ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ අවසන් කාර්තුව තුළ 8.4%ක අගයක් ගෙන ඇතැයි එම සංඛ්‍යාලේඛනවල සඳහන් වන බව වාර්තා වේ.

ඊට පෙර කාර්තුවේ එනම් 2023 ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය ඇතුළත ඉන්දියාවේ දේශීය දළ නිෂ්පාදන වේගය 7.6%ක් ලෙස සටහන් වූ බවද වාර්තා වේ. එම වාර්තාව ඉන්දියාවේ ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් ශක්තිමත් ආර්ථික වර්ධනයක් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

Exit mobile version