Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා – ඩලස් අලහප්පෙරුම

දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා - ඩලස් අලහප්පෙරුම

දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා - ඩලස් අලහප්පෙරුම

මෙරට සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 3ක් හෙවත් දරුවන් 129,000ක් පමණ පාසල් අධ්‍යාපනය නතර කර ඇතැයි එහි වාර්තා හෙළි කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙරට දරුවන්ගේ වයසට සරිලන බර නොමැති ප්‍රතිශතය තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් එය 2022 වසරේ සියයට 19.5ක් වූ අතර 2023 වසරේ එය සියයට 21ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති සෞඛ්‍ය හා පෝෂණ කාර්යංශය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බවත් ඒ මහතා කීය.

නුවරඑළිය, අම්පාර, යාපනය, කෑගල්ල, කිලිනොච්චිය, කොළඹ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වයසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බවත් එහි වැඩිම ප්‍රතිශතය සියයට 32.4 හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීය.

Exit mobile version