Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් සංවර්ධනයට ඩොලර් මිලියන 500ක ව්‍යාපෘතියක්

කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් සංවර්ධනයට අමෙරිකාව, අදානි හා ජෝන් කීල්ස් ඩො.මි. 500ක ව්‍යාපෘතියක්

කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් සංවර්ධනයට අමෙරිකාව, අදානි හා ජෝන් කීල්ස් ඩො.මි. 500ක ව්‍යාපෘතියක්

ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික ආයෝජනයකින් කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.‍

ඒ අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව, Adani Ports & Special Economic Zones Limited (APSEZ) සමාගම සහ John Keells Holdings ඒකාබද්ධවයි.

දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළ, මෙම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදාළ මුදල වෙන් කර ඇති බව ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව හෙවත් (DFC)ආයතනය නිවේදනය කර තිබේ.

මෙම ආයෝජනය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයටත්, ඉන්දියාව ඇතුළු කලාපීය ආර්ථික ඒකාබද්ධතාවටත් ඇමරිකාවේ ඇති තිරසර කැපවීම පෙන්නුම් කරන බවද නිවේදනයේ සඳහන්ය.

ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව හෙවත් (DFC) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේදන් මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව ලොව ප්‍රධානම අන්තර්හුවමාරු කේන්ද්‍රයක් වන අතර, බටහිර පර්යන්තයේ සංවර්ධනයට යොදවන මෙම ඩොලර් මිලියන 553ක ආයෝජනය හරහා නාවික ධාරිතාව තවත් ඉහළ නැංවිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.

Exit mobile version