Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කල්දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම යළි මුදල් ඉල්ලයි

මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට

මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට

කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසම නැවතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, මැතිවරණය පැවැත්වීම දක්වා වූ කාල සීමාව සදහා රුපියල් බිලියන 2.2 ක මුදලක් අවශ්‍ය බවත්, ඉතිරි මුදල මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළත වාරික තුනකින් ලැබීම ප්‍රමාණවත් බවද සඳහන් කර ඇත.

රටේ මුදල් තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයක තිබෙන බැවින් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් මුදාහරිනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තුවෙන් පසුවෙන බවට සඳහන් වේ.

Exit mobile version