පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ අතුරලියේ රතන හිමියන් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුවය.
බුවනෙක අලුවිහාරේ, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සළකා බැලින.
අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් විජය ධරනි පක්ෂය අපේ ජනබල පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹී ඇතැයි තීන්දුවේ සඳහන් වේ.තත්ත්වය මෙසේ තිබියදී 2011-10-15 යන දින විනය කමිටුව මගින් අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපා ඇතැයි දැනුම් දී ඇති බවද තීන්දුවේ දැක්වේ.එහෙත් අවබෝධතා ගිවිසුමට අනුව අපේ ජන බල වේගය පක්ෂයට අතුරලියේ රතන හිමියන්ට එරෙහිව විනය පියවර ගැනීමට බලයක් නොමැති බවද තීන්දුවේ සඳහන් වේ.
පෙත්සම්කාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
අපේ ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා පෙනී සිටියේය.