Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉහළට – මහ බැංකුව

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් (12) කැඳවා ඇති අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194,890ක ලංසු ඉදිරිපත් වී ඇති බවත් මහ බැංකුව පවසයි.

එහිදී රුපියල් මිලියන 99,660ක ලංසු පමණක් පිලිගත් බව කී මහ බැංකුව දින 91ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08ක් දක්වාත්, දින 182ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version