Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිසිදු රාජ්‍ය ආයතනයක් තම බැංකුවෙන් ගිණුම් ඉවත් කරගන්නා බවට දැනුම් දී නැහැ – මහජන බැංකුව

මහජන බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට වැදගත් දැනුම්දීමක්

මහජන බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට වැදගත් දැනුම්දීමක්

තම බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් ඉවත් කරගන්නා බවට කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුම් දී නැතැයි මහජන බැංකුව (17) නිවේදනය කළේය.

බැංකුව මේ නිවේදනය නිකුත් කළේ, මහජන බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරගැනීමට රාජ්‍ය ආයතන පියවර ගන්නා බවට ජාතික පුවත්පත් පළ කර තිබූ වාර්තා පිළිබඳව අවධානය යොමු කරමිනි.

මහජන බැංකුව අවධාරණය කළේ, අදාළ මාධ්‍ය වාර්තා නොමග යවන සුළු ඒවා බවයි.

Exit mobile version