Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වේ

ශ්‍රී ලංකා රුපියල දිනකදී 2.7%කින් ඉහළට - 'Bloomberg' වෙබ් අඩවිය

ශ්‍රී ලංකා රුපියල දිනකදී 2.7%කින් ඉහළට - 'Bloomberg' වෙබ් අඩවිය

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව (01) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.351.72ක් සහ විකුණුම් මිල රු.362.95ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර මෙම වසරේ පෙබරවාරි මස 28වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 0.4%ක අතිප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම වසරේ පෙබරවාරි මස 28වන දින දක්වා කාලය තුළ දී යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

Exit mobile version