Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අදානි සමුහයට අයත් කම්හල් දෙකක් වසා දමයි! සෘජු රැකියා 3000ක් සහ වක්‍ර රැකියා 15,000ක් අහිමි වෙයි!

අදානි සමුහයට අයත් කම්හල් දෙකක් වසා දමයි, සෘජු රැකියා 3000ක් සහ වක්‍ර රැකියා 15,000ක් අහිමි වෙයි

අදානි සමුහයට අයත් කම්හල් දෙකක් වසා දමයි, සෘජු රැකියා 3000ක් සහ වක්‍ර රැකියා 15,000ක් අහිමි වෙයි

ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ අදානි සමුහයට අයත් කම්හල් දෙකක් වසා දැමීමෙන් දහස් ගණන් ජනතාවකගේ බලාපොරොත්තු සුන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හිමාචල් ප්‍රාන්තයේ අදානි සමුහයට අයත් සිමෙන්ති කම්හල් දෙකක් පසුගිය 15වනදා සිට මෙසේ වසා දමා ඇත. මේ හේතුවෙන් සෘජු රැකියා 3000ක් අහිමිව ඇති අතර වක්‍ර රැකියා 15,000ක් පමණ අහිමිව තිබේ. සිමෙන්ති ටොන් 1ක් ප්‍රවාහනය කිරීම සදහා ඉන්දීය රුපියල් 11ක් වැයවන අතර එය රුපියල් 6ක් දක්වා අඩු කර ගැනීමට නොහැකි වීම කම්හල් වසා දැමීමට හේතුවයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුද ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම කම්හලට ඉඩම් ලබාදුන් හා සේවයේ නිරතවන්නන් පවසන්නේ තමන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි.

Exit mobile version