Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන ගබඩා කිරීමට කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි 4ක් ආයෝජකයකුට

ඉන්ධන ගබඩා කිරීමට කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි 4ක් ආයෝජකයකුට

ඉන්ධන ගබඩා කිරීමට කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි 4ක් ආයෝජකයකුට

නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට (bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මින් එක් ඉඩම් කොටසක් දෙන්නේ ගුවන්යානා ඉන්ධන(aviation fuel) ගබඩා කිරීම සඳහා බව පැවසූ අමාත්‍යවරයා මේ කටයුතු සඳහා දැනටමත් අභිලාෂ කැඳවා ඇතැයිද සඳහන් කළේය.

රටක් දියුණු කිරීම සඳහා මෙවැනි ආයෝජන අත්‍යවශ්‍ය බවත් පසුගිය කාලයේ ඇතිවූ අරගල හේතුවෙන් නැව් දාහතක් හැරී ගිය බවත් ඔහු කීවේය.

මේ අතර ත්‍රිකුණාමල වරාය වෙළෙඳ වරායක් ලෙස දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවත් අගය එකතු කරන ලද ඉල්මනයිට් ආනයනය කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය යොදාගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරාය විකිණීමට සිහිනෙකින්වත් නොසිතන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version