Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතුයි – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

නෙළුම් කුළුණේ මාසයක් තුළදී ලක්ෂ 900ක ආදායමක්

නෙළුම් කුළුණේ මාසයක් තුළදී ලක්ෂ 900ක ආදායමක්

හමුදාව පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබාදෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

“පුනරුත්ථාපන” මධ්‍යස්ථාන වෙත යැවෙන රැඳවියන් අපයෝජනයට ලක්වීමේ විශාල අවදානමක් ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

ඉකුත් මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත මගින් “මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම කණ්ඩායමක්”හේතු දැක්වීමකින් තොරව පුනුරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීමට අවසර ලබා දෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සහිත “පුනරුත්ථාපන” මධ්‍යස්ථාන පාලනය කිරීම සඳහා පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්‍යාංශය පාලනය කරනු ලබන නව පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලබන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර ඇති යෝජිත නීතිය, පුද්ගලයන් “පුනරුත්ථාපනය” සඳහා යැවීමේ පදනම විස්තර කර නොමැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

නමුත් මෑත කාලින වෙනත් රජයේ ප්‍රතිපත්ති මගින් කිසිඳු අපරාධයකට වරදකරු නොවූ පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව “පුනරුත්ථාපනය” කිරීමට නොපැහැදිලි සහ අත්තනෝමතික බලතල සපයන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

Exit mobile version