Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරනවා

ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරනවා

ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරනවා

ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී (05) පැවසීය.

මේ හේතුවෙන් සමස්ථ විශ්ව විද්‍යල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරුන් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල යන සියළු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සිය වගකීමක් බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ පළමු වසර සිසුන්ට ඔරලෝසුවක් අත පැළැදීමට නොහැකි බවත් සිසුවියන් චීත්ත ගවුම ඇඳ පැමිණිය යුතු බවත්, මේ සභාවේ කිව නොහැකි තවත් දේවල් සිදුවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පද්ධතියේ නවක වදය බරපතළ තැනකට පැමිණ ඇතැයිද ප්‍රකාශ කළේය.

සාමය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආදිපත්‍ය, ජාතික ආරක්ෂාව නැති තැත වෙන කිසිවක් නොරැඳෙන බවද ඇමතිවරයා පැවසීය. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සඳහන් කළේය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.

“ජාතික පුවත්පත් සියල්ලම පාහේ අද මේ සම්බන්ධයෙන් වාර්තාකරලා තිබෙනවා. මේ පීඨාධිපතිතුමා මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා, “ගෝඨා ගෙදර යැවු අපට ඩීන් කජ්ජක්ද” කියලා ඔවුන් තර්ජනය කරලා. මේක බරපතල තත්ත්වයක්.විපක්ෂනායකතුමා මහපොළොවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉල්ලා සිටිනවා. හැබැයි ශිෂ්‍ය සංගම් විශ්ව විද්‍යාල ඇතුළේ ගෙනියන්නේ ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම, පාතාලය.විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකුට ඔරලෝසුවක් අතේ දාගෙන එන්න බැහැ. ඔරලෝසුව අතේ දාගෙන ආවොත් කකුලේ බඳිනවා.සිසුවියන් චිත්ත ගවුම් අදින්න ඕන. කරාබුවක්, මාලයක් දාන්න බැහැ. මෙතන කියන්න පුළුවන් දේවල් තිබෙන්නේ ඔච්චරයි. නවක වදයට එහා ගිය බරපතල තත්වයක් විශ්ව විද්‍යාල ඇතුළේ තිබෙන්නෙ. ශ්‍රී ලාංකීය සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්ය, මහාචාර්වරු, වගේම විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ආරක්ෂාව අපිට පැවරිලා තියෙනවා”.

Exit mobile version