Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩුබායි ලිපිකරු ඩො. 2,22,00,000ක් ලංකාවේ ගිණුමකට දාලා – CID විමර්ශන අරභයි

ඩුබායි ලිපිකරු ඩො. 2,22,00,000ක් ලංකාවේ ගිණුමකට දාලා - CID විමර්ශන අරභයි

ඩුබායි ලිපිකරු ඩො. 2,22,00,000ක් ලංකාවේ ගිණුමකට දාලා - CID විමර්ශන අරභයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආයතනයක ගිණුම් ලිපිකරුවකු ලෙස සිටිමින් ඇමරිකානු ඩොලර් දෙකෝටි විසි දෙලක්ෂ පනස් තුන් දහසක මුදලක් වංචනික ලෙස ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම්වලට බැර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතාට (22) කරුණු වාර්තා කළේය.

ඒ අනුව, වේලුපිල්ලේ පොන්නම්බලම් පරමලිංගම් හා ඔහුගේ බිරිඳ වන ශිව ශක්ති පරමලිංගම් යන අයගේ බැංකු ගිණුම්වලට අදාළ වාර්තා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා මෙරට බැංකු තුනක් වෙත නියෝග නිකුත් කළේය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ T Choithran and sons LLC නැමැති ආයතනයේ හිමිකරු වන ලක්රාජ් තකූර්දාස් පගරානි මෙයිරා යන අය විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

Exit mobile version