විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ කටාර් බලශක්ති අමාත්‍ය සාද් ශෙරීඩා අල්-කාබි මහතා අතර හමුවක් (28) පැවැත්විණ.
අල්-කාබි මහතා කටාර් පෙට්‍රෝලියම් හි සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වේ. එම සාකච්ඡාව පවත්වා ඇත්තේ, ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන, LP ගෑස් සහ LNG සැපයීම සම්බන්ධයෙන්ය.
මේ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි මහතා සමග හමුවක් නවදිල්ලි නුවර නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ.
එහිදී ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවයට අදාළ හදිසි කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇතැයි පැවැසෙයි. එම හමුවේදී මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට මුහුණදීමට සිදුවී තිබෙන දුෂ්කරතා මෙන්ම ඉන්ධන ලබාගැනීමේදී සහ බෙදා හැරීමේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග සම්බධයෙන් පූරි මහතා දැනුවත් කළේය.