Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ගේන්න අවසර

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ගේන්න අවසර

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ගේන්න අවසර

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයකින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතවීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගයක් බැවින් ඛනිජතෙල් නිපදවන රටවල තෙල් සමාගම් සමඟ ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන පරිදි එම සමාගම්වල මුදලින් ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව සලසාදීමට අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

මේ වන විට රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් සියයට 90කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය සපයන අතර, ඉතිරි සියයට 10ක ප්‍රමාණය ඉන්දියානු තෙල් සමාගම මගින් සිදුකරයි.

මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ලියාපදිංචි ඉන්ධන බංකර්කරුවන්ට ජෙට් ඒ 9 ගුවන්යානා ඉන්ධන ආනයනය හා සැපයීම සඳහා අවසර ලබාදීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයාත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාත් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version