Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාලු වරායේ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අත්හිටුවීමෙන් රු. කෝටි 42ක් අපතේ – විගණකාධිපති වාර්තාවක්

ගාලු වරායේ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අත්හිටුවීමෙන් රු. කෝටි 42ක් අපතේ - විගණකාධිපති වාර්තාවක්

ගාලු වරායේ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අත්හිටුවීමෙන් රු. කෝටි 42ක් අපතේ - විගණකාධිපති වාර්තාවක්

ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සහ අන්තර්ජාතික සහයෝගිතාවය සඳහා වූ ජපාන බැංකුව අතර ඇති කර ගන්නා ලද ණය ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟව තිබුණද ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටුව ආශ්‍රිතව මෙම ඉදිකිරීම් සිදු කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමැතිය ලබාගත යුතුව තිබුණී.

එහෙත් ඒ සඳහා වසර තුනකට අධික කාලයක් ගතවීම හේතුවෙන් ණය ප්‍රදානකරු විසින් ණය කාලසීමාව දීර්ඝ නොකිරීම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

Exit mobile version